දියවැඩියා රෝගීන්ගේ ඉහළ යෑමක්

ශ්‍රී ලංකාවේ දියවැඩියා රෝගීන් සංඛ්‍යාවේ වර්ධනයක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරනවා.

මෙරට ජනගහනයෙන් 14.6% ක් මේ වන විට දියවැඩියා රෝගයට ගොදුරු වී ඇති බවයි ප්‍රජා වෛද්‍ය විශේඥ වෛද්‍ය අරුන්දිකා සේනාරත්න මහත්මිය අවධාරණය කරන්නේ.

ඇය සඳහන් කරන්නේ 2015 වසරේ දී සිදු කරන ලද සමීක්ෂණයේ දී දියවදියා රෝගීන් ප්‍රතිශතය 7.4% ලෙස වාර්තා වී ඇති බවත්, මේ වන විට එය විශාල ලෙස ඉහළ ගොස් ඇති බවත් ය.

ආතතිය හා සෞඛ්‍යමත් නොවන ආහාර රටා මෙම වර්ධනයට හේතු වී ඇති බවයි වෛද්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.