අද මධ්‍යම රාත්‍රියේ සිට තැපැල් වර්ජනයක්

අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිතිය දැනුම් දෙනවා.

නුවර සහ නුවරඑළිය තැපැල් කාර්යාල පිහිටි ගොඩනැගිළි විකිණීමේ තීරණයට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක් මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිත යි.