ඉන්දියාවෙන් ඩොලර් මිලියන 15ක ප්‍රදානයක්

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය කිරීම කිරීම සඳහා ඉන්දීය රජය විසින් ඩොලර් මිලියන 15ක ප්‍රදානයක් සිදු කර තිබෙනවා.

කොළඹ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් අතර පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවේදී මෙම ප්‍රදානය සිදු කර තිබෙනවා.

එසේම ඒ හා සම්බන්ධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සඳහා ද්විපාර්ශ්වික ලේඛන ද එහි දී හුවමාරු කර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.