බස් රථ ප්‍රමුඛතා මංතීරු වැඩසටහන යළි නියමු ව්‍යාපෘතියක් ලෙස අද සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා.
ඒ අනුව වැල්ලවත්ත – සැවෝයි සිනමාශාලාව අසළ සිට ගාලු පාර පිටකොටුව දක්වා පෙරවරු 06 සිට පෙරවරු 09 දක්වා මෙම බස් රථ ප්‍රමුඛතා මංතීරු වැඩසටහන ක්‍රියාත්මක වනු ලබනවා.
එසේම එම කාල සීමාව තුළ බොරැල්ල හන්දියේ සිය පිටකොටුව ඕල්කට් මාවත දක්වා මරදාන පාර ඔස්සේ ද මෙම බස් ප්‍රමුඛතා මංතිරුව ක්‍රියාත්මක වනවා.
ශ්‍රීලංගම බස් රථ, පෞද්ගලික බස් රථ, පාසල් වෑන් සහ බස් රථ, කාර්ය මණ්ඩල ප්‍රවාහනය කරන බස් රථ එම කාලසීමාව තුළ අදාළ මංතීරුවේ ධාවනය කළ යුතු අතර අනෙකුත් වාහනවලට එම කාලසීමාව තුළ මෙම මංතීරුව වෙත ඇතුලු වී තහනම් බවයි පොලිසිය පවසන්නේ.

