ඉන්දීය මුදල් අමාත්‍යවරිය දිවයිනට

ඉන්දීය මුදල් අමාත්‍යවරිය වන නිර්මලා සීතාරාමන් මහත්මිය නිල සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

හෙට කොළඹ දී පැවැත්වීමට නියමිත ඉන්දු ශ්‍රී ලංකා ව්‍යාපාරික සමුළුවේ ප්‍රධාන දේශනය ඇය විසින් සිදු කරන බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ.

අනතුරුව සීතාරාමන් මහත්මිය ත්‍රිකුණාමල‍යේ පිහිටි තෙල් ටැංකි සංකීරණයේ නිරීක්ෂණ චාරිකාවකට මෙන්ම යාපනයේ සහ මහනුවර යන ප්‍රදේශවලද සංචාරය කිරීමට සැලසුම් කර තිබෙනවා.

මෙම සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින් රැසක් සමඟ නිර්මලා සීතාරාමන් මහත්මිය සාකච්ඡා පැවැත්වීමට ද නියමිත බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ.