විදුලි ගාස්තු සමාලෝචන කාලය මාස 03ක් දක්වා අඩුකිරීම සඳහා විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඉදිරිපත් කර ඇති යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
මෙසේ විදුලි ගාස්තු සමාලෝචන කාලය අඩු කිරීම හරහා පොදු මහජනතාවට මුහුණපෑමට සිදුවන අපහසුතා අවම කර ගත හැකි වන බවයි එහි සඳහන් වෙන්නේ.
ඒ අනුව මින් පෙර මාස 06කට වරක් සිදු කෙරුණු විදුලි ගාස්තු සමාලෝචනය ඉදිරියේ දී මාස 03කට වරක් සිදුකෙරෙනු ඇත.
තවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සහාය ඇතිව ජල විදුලි පුරෝකථන ශක්තිමත් කිරීමටත් හැකිවන පරිදි දැනට ක්‍රියාත්මක පොදු ප්‍රතිපත්ති මාර්ගෝපදේශ සංශෝධනය කිරීමට ජනාධිපතිවරයා සහ අමාත්‍ය කංචන විජේසේකර මහතා ඉදිරිපත් කර ඇති ඒකාබද්ධ යෝජනාවට ද කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

