අස්වැසුම දීමනාව ලබන නොවැම්බර් පළමුවැනි දා

අගෝස්තු මාසයට අදාළ අස්වැසුම ගෙවීම ලබන නොවැම්බර් මස 01 බදාදා ලබාදීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරනවා.

ඒ සඳහා රුපියල් බිලියන 8.5ක මුදලක් වෙන් කර ඇති අතර එම අදාළ මුදල් එදිනට ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කෙරෙනු ඇත.

එසේම සැප්තැම්බර් මාසය සඳහා වන දීමනාව ද නොවැම්බර් මාසය තුළදී ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කෙරෙන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.