කොළඹ සහ ලාහෝර් අතර ගුවන් ගමන් වාර ඉහළ දමයි

ශ්‍රී ලංකන් ගුවන් සේවය කොළඹ සහ පාකිස්ථානයේ ලාහෝර් අතර ගුවන් ගමන් වාර ගණන ඉහළ නංවා තිබෙන බවට නිවේදනය කරනවා.

ඒ අනුව ලබන ඔක්තෝම්බර් 31 වන දා සිට සෑම ඉරිදා, සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දිනයන්හි එම ගුවන් වාර ක්‍රියාත්මක වනු ඇත.

මේ සමඟම සතියකට මගීන් 900 කට ආසන්න සංඛ්‍යාවකට සංචාරයක් කිරීම සඳහා අවස්තාව හිමි වනු ඇති බවයි වාර්තා වෙන්නේ.

ශ්‍රී ලංකාව සමඟ දිගුකාලයක සිට ද්විපාර්ශ්වික සබඳතා ඇති රටක් වන පාකිස්ථානය තුළ සිය සේවය ඉහළ නැංවීමට ශ්‍රී ලන්කන් එයාලයින්ස් කටයුතු කරන බවයි එහි ලෝක ව්‍යාප්ත විකුණුම් සහ බෙදාහැරීම් ප්‍රධානී දිමුතු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ.