ගාසා තීරයේ වැසියන් එක්සත් ජාතීන්ගේ ගබඩා වෙත කඩා වදී

ගාසා තීරයේ පිහිටි ගබඩා සහ බෙදාහැරීමේ මධ්‍යස්ථාන කිහිපයකට කඩා වැදුණු පලස්තීන වැසියන් විසින් එහි වූ පිටි සහ අනෙකුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බලහත්කාරයෙන් ලබා ගෙන ඇති බව වාර්තා වෙනවා.

පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන ඒජන්සිය (UNRWA) සඳහන් කරන්නේ මෙලෙස සිවිල් වැසියන් අතර සාමය බිඳ වැටීම ඉතාමත් කනගාටුදායක බවයි.

මේ සම්බන්ධයෙන් පලස්තීන වැසියන් පවසන්නේ ඔවුන්ට ආහාර, ජලය හෝ ආධාර කිසිවක් නොමැති බවත්, ඔවුන් ඒ හේතුවෙන් ඉතා අසරණව මෙම පියවර ගත් බවත් ය.