දිස්ත්‍රික්ක 06ක නාය යෑම් අනතුරු ඇඟවීම් තවදුරටත්

පවතින වර්ෂාපතන තත්ත්වයත් සමග දිස්ත්‍රික්ක 6 කට පනවා තිබෙන නායනෑමේ අවධානම තවදුරටත් එලෙසම ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙනවා.

ඒ අනුව බදුල්ල, කලුතර, රත්නපුර, ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලට මෙම නායයෑමේ අවධානම තවදුරටත් වලංගු වනු ලබනවා.

මේ අතර අද පස්වරුවේ දිවයිනේ ප්‍රදේශ බොහොමයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

ඒ අතරින් සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තදවැසි ද ඇති විය හැක.