ඉරිදා සහ පෝය දිනවල ටියුෂන් තහනම්

ඉරිදා සහ පොහොය දිනවල උපකාරක පංති පැවැත්වීම තහනම් කරමින් නැගෙනහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

එහි දක්වා තිබෙන්නේ ඉරිදා දිනවල පස්වරු 2.00 දක්වා හා පෝ දිනවල සම්පුර්ණ දිනයේත් උපකාර පංති පැවැත්වීම මෙලෙස තහනම් කර ඇති බවයි.

පළාත් අධ්‍යාපන ලේකම් නිතිඥ එච්.ඊ.එම්.ඩබ්.ජී.දිසානායකගේ අත්සනින් නිකුත් කර ඇති එම චක්‍ර ලේඛයේ සඳහන් වන්නේ දරුවන්ට දහම් අධ්‍යාපනය ලැබීමට කාලයක් නොමැති බැවින් මේ තීරණය ගෙන ඇති බවයි.