ඉදිරියේ දී දිස්ත්‍රික් හෝ ප්‍රාදේශීය ලේකම්වරුන් සම්බන්ධ කර ගනිමින් මාර්ගගත රැස්වීම් පැවැත්වීමේදී අඟහරුවාදා සහ සිකුරාදා යන දින දෙක පමණක් යොදා ගන්නා ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා විසින් දැනුම් දී තිබෙනවා.
විවිධ රාජ්‍ය ආයතන සංවිධාන කරන මාර්ගගත රැස්වීම් සඳහා අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් විසින් අදාළ නිලධාරීන් රාජකාරී වේලාවන් තුලදී සම්බන්ධ කර ගැනීම් සිදු කරනු ලබනවා.
ඒ හේතුවෙන් ඔවුන් හමුවීමට පැමිණෙන ජනතාවට තම ගැටලු සාකච්ඡා කිරීමට තිබෙන අවස්ථාව ප්‍රමාණවත් නොවීම නිසා නොයෙකුත් දුෂ්කරතාවන්ට මුහුණ දෙන බවට ලද තොරතුරු හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ඊට අදාළව නිකුත් කළ චක්‍රලේඛයේ දැක්වෙන්නේ.

