ශ්‍රී ලංකාවේ තරුණ පරපුර නියෝජනය කරන දක්ෂ නිළියක වගේම ගායිකාවක ද වන කාවින්ද්‍යා අධිකාරි යුග දිවියට එළඹ තිබෙනවා.
ඒ ප්‍රසිද්ධ සංගීතඥයෙක් සහ ගායකයෙක් වන දනිඳු පෙරේරා සමඟයි.
දුවෙක් විවාහ වෙන දවස කියන්නේ අම්මා කෙනකේ ට ගොඩක් ලොකු දවසක්. ඉතින් කාවින්ද්‍යා ගේ ආදරණිය අම්මා, සමිතා මුදුන්කොටුව මහත්මිය මෙහෙමයි එයාගේ දුවට සුබ පැතුම් එක් කරලා තියෙන්නේ.
“මගේ ජීවිතේ ලොකුම බලාපොරොත්තුව අද ඉටු උනා…. කොයි තරම් කාලයක් ඔයාවයි මල්ලිවයි තුරුළු කරගෙන පණ වගේ ආරක්ෂා කරගෙන තනියම ජීවත් උනාද.. අද දවස අම්මි ගොඩක් සතුටින් මගේ පණව බාර දුන්නා.. ඒත් අම්මි ජීවත් වෙලා ඉන්න තාක්කල් පණ වගේ ඔයාලව මම බලාගන්නවා.. හැමදාටම මගේ දුවට දනිදු පුතා එක්ක සතුටින්ම ඉන්න ලැබේවා.. මගේ රත්තරන් දුවට බුදුසරණයි”
ඉතින් අපි මේ අලුත් ජෝඩුවට සුබ විවාහ ජීවිතයකට ආශිර්වාද කරනවා.
මේ ඒ දෙන්නගේ ලස්සන දවසේ ලස්සන පින්තූර කිහිපයක්.










