කොහේ හරි යන්න ලෑස්ති වෙනකොට අල්මාරිය පුරෝලා ඇඳුම් තිබ්බට අඳින්න ඇඳුමක් නැහැ කියලා හිතෙනවද? තෝරලා තෝරලා ලොකු ගානක් දීලා ගත්ත ඇඳුම් ඔහේ අල්මාරියේ පුරෝලා තියෙනවද? කොච්චර ඇඳුම් තිබ්බත් ඇන්දම ලස්සනට finishing එකක් නැත් ද?
මේ ප්රශ්න එකකට හරි උත්තරය ඔව් නම් කලබල වෙන්න එපා. අද අපි ආවේ ඔයාට ඔයාගේ අල්මාරියේ තියෙන ඇඳුම් වලින් කරන්න පුලුවන් fashion ගැන කියලා දෙන්න.
එහෙනම් ඔන්න අන්තිම වෙනකම් දිගටම කියවන්න.
ඔයාට තියෙන එක එක පාට ඇඳුම් එක්ක මොන ඇඳුම් ද හරියටම එකිනෙක match වෙන්නේ කියලා දැන ගන්න එක ලොකුම ලොකු styling secret එකක්. මොකද අපි match වෙන්නේ නැති පාට පාට ඇඳුම් ඇන්දම අපේ look එක ගොඩක් damage වෙන්න පුලුවන්. ඉතින් මොන මොන colors ද හරියටම එකිනෙක එක්ක match වෙන්නේ කියලා දැන ගන්න ඔයාට පුළුවන් color wheel එක use කරන්න.

color wheel එකේ එකිනෙකට ප්රතිවිරුද්ධව තියෙන colors වලින් ගොඩක් හොඳ stylish look එකක් ගන්න පුළුවන්.
උදාහරණයක් විදිහට නිල් පාටට ඉස්සරහින් තියෙන තැඹිලි පාට නිසා blue denim එකක් එක්ක orange blouse එකක් ඇන්දොත් ගොඩක් elegant look එකක් ගන්න පුළුවන් වෙනවා.
ඔයාට ඒ වගේ colors match කරලා අදින්න පුළුවන් styles කිහිපයක් තමයි අපි ඊළඟට අරන් එන්නේ.
- Denim On Denim
Denim කලිසමක් කියන්නේ අපි කවුරු ලඟත් තියෙන, ඕනිම කාලෙකට ගැලපෙන fashion එකක්. ඉතින් ඔයාට පුළුවන් ඔයා ළඟ තියෙන denim කලිසම dark shade එකක් වුණත් white shade එකක් වුණත් ඒකත් එක්ක white cami top එකක් අඳින්න. ඒ වගේම ඒකට overcoat එකක් විදිහට shirt එකක් හෝ denim jacket එකක් add කරලා ලස්සන combination එකක් හදා ගන්න පුලුවන්. ඔයාගේ denim look එක complete කරන්න ඔයාට පුලුවන් denim bag එකක් carry කරන්න.

- Monochromatic Look
Monochromatic fashion වල දී ඔයාගේ outfit එක එකම color එකක් වුණත් ඔයාට ඒක හරි ලස්සනට style කරන්න පුලුවන්. ඔයා ටිකක් උසින් අඩු කෙනකේ නම් ඔයාගේ උස වැඩි කරලා පෙන්නන්න මේ style එක ගොඩක් useful වෙනවා.

ඒ වගේම sandwich theory එකත් එකතු කරලා මේ monochrome look එක ඔයාට style කර ගන්න පුළුවන්.
උදාහරණයක් විදිහට ඔයාට පුළුවන් grey hoodie එකක් එක්ක black pants / shorts / jeans, grey shoes, grey bag එකක් use කරන්න. මෙතන දී ඔයාගේ outfit එකේ main color එක වෙන්නේ grey. අර මැද්දේ තියෙන black pants වලින් ඒක break කරලා ඔයාගේ final look එක ලස්සනට අරන් දෙනවා.
පොඩි tip එකක්. Dark colors වලින් ඔයාව පොඩි කරලා පෙන්නවා. ඒ වගේම light colors වලින් ඔයාගේ look එක ටිකක් enlarge කරලා, ටිකක් උස වැඩි කරලා පෙන්නවා. ඉතින් මේ tip එක ඔයාල හරියට use කළොත් ඔයාට අනිවාර්යයෙන්ම තවත් ලස්සන final look එකක් ගන්න පුළුවන්.
ඔයා මතක තියා ගන්න ඕනි තවත් කරුණක් තමයි අපි තනි කළු outfit එකක ඇන්දොත් එකෙන් අපේ වයස ටිකක් වැඩි වෙලා පෙන්න පුළුවන්. ඔයාගේ face එකේ තියෙන undereye darkness, wrinkles වගේ දේවල් ටිකක් කැපිලා පෙන්න පුළුවන් මේ තනි කළු ඇඳුම් නිසා. ඉතින් තනි කළු ඇඳුමක් අඳින්නම ඕනි අවස්ථාවක් නම් ඔයාට පුළුවන් outfit එක face එකෙන් ටිකක් ඈත් වෙන්න off shoulders, V neck වගේ ඇඳුමක් අදින්න.
- Ribbed Tops
ලංකාව වගේ ටිකක් රස්නේ රටවල ඉන්න කෙනෙක් ට මේ ribbed tops කියන්නේ හරිම comfortable, breathable fashion එකක්. Beige color ribbed top එකක් කියන්නේ අනිවාර්යයෙන් ඔයාගේ අල්මාරියේ තියෙන්නම ඕනි ඇඳුමක්. ඔයාට එක ලස්සනට style කරලා දවසේ ඕනිම වෙලාවකට suite වෙන විදිහට අඳින්න පුළුවන් වගේම ඒ color එකත් ඕනිම skin tone එකකට ගොඩක්ම match වෙනවා.

ඔයාට පුළුවන් pastel shade pants එක්ක white ribbed top එකක් අඳින්න. ඇත්තටම ඒ color combo එකත් ඔයාට ලොකු elegant look එකක් දෙනවා. ඔයා girl කෙනෙක් නම් ලස්සන cute accessories එක්ක ලොකු girly look එකක් ගන්න ඔයාට පුළුවන්.

- Wide Leg Pants
මේක ත් දැන් ගොඩක් famous fashion style එකක් වෙලා තියෙනවා. ටිකක් උසින් අඩු අය හිතන්න පුළුවන් මේ pants ඇන්දම එයාල තව ටිකක් උසින් අඩුවට පෙනෙයි කියලා. එත් ඇත්තටම ඔයාල මේක හරියට style කලොත් ගොඩක් cute final look එකක් මේ wide leg pants වලින් ගන්න පුලුවන්.
මේක style කරනකොට ඔයාල වැඩියෙන්ම සැලකිලිමත් වෙන්න ඕනි එකේ shape එක ගැන. මොකද ඒ pants වල යට කොටස volume එක වැඩි. එතකොට ඔයා අඳින top එකත් පහළට වෙන්න volume වැඩි එකක් ඇන්දොත් එතන unbalance වගේ වෙනවා. ඔයාගේ waist පේන විදිහට ඔයා crop top එකක් එහෙම නැත්නම් ඇතුලට tuck කරපු t shirt එකක් මේ pants එක්ක අඳින්න පුළුවන්.

ඔන්න තවත් පොඩි දෙයක් තමයි ඔයාගේ undergarments. අපි වැඩිය care කරන්නේ නැති දෙයක් වුනත් ඔයා අඳින undergarments විශේෂයෙන් ම bra එකකට වගේ පුළුවන් ඔයාගේ final look එකට ලොකු බලපෑමක් කරන්නේ.
ඉතින් ඔයා ටිකක් කර පහළ ඇඳුමක් වගේ නම් අදින්නේ, ඔයාට පුළුවන් ඔයාගේ breast එක ටිකක් ඉස්සිලා පෙන්න pushup bra එකක් අඳින්න. ඒ වගේම තමයි blackless ඇඳුමක් එක්ක bra straps එලියට පිටිපස්සෙන් පෙන්නේ නැති විදිහට strapless bra එකක් වගේ අඳින්න පුළුවන්.
Bra colors ගැන කතා කරනකොට පුළුවන් නම් ගොඩක් හොඳයි white bra එකක් avoid කරන එක. මොකද ඕනිම outfit එකක් හරහා පොඩි shine එකක් දෙන්න මේ white color එකට පුළුවන් නිසා.
ගොඩක්ම ඔයාගේ skin color එකට match වෙන beige, black වගේ bra එකක් අඳින්න. ඒ වගේම තමයි ගොඩක් tight pants, skirts වගේ අඳිනවා නම් ඔයාගේ panty lines පෙන්නේ නැති වෙන්න ඒ සුදුසු panties අඳින්න.
ඉතින් එහෙනම් මේ tips අනිවාර්යයෙන් try කරලා බලන්න. ඔයාට ඔයාගේ අල්මාරියේ පැත්තකට දාල තියෙන ඇඳුම් වලිනුත් වැඩක් ගන්න පුළුවන් වෙයි.
එහෙන්ම පරිසස්මෙන් ඉන්න. ලස්සනට ඉන්න. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න.

