ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාව එක්කිරීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව නිල අනුමැතිය ලබා දී තිබෙනවා.
ඒ අනුව 2028 වසරේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන ඔලිම්පික් උළලේ සිට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් වන බවයි වාර්තා වෙන්නේ.
මේ වන විට බිලියන 3 කට ආසන්න ප්‍රමාණයක් ඔලිම්පික් ක්‍රීඩා නරඹන අතර විචාරකයන් පෙන්වා දෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාව එකතු කිරීමට ගත් තීරණයත් සමඟ එම ප්‍රමාණය තවත් ඉහළ යනු ඇති බවයි.

