දසුන් වෙනුවට කණ්ඩායමට එන චාමික

2023 ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය සඳහා දසුන් ශානක වෙනුවට ශ්‍රී ලංකා සංචිතයට චාමික කරුණාරත්න පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තේරීම් කමිටුව අනුමැතිය ලබා දී තිබෙනවා.

පසුගිය ඔක්තෝබර් 10 වැනිදා පාකිස්තානයට එරෙහිව පැවැති තරගයේදී දකුණු කලවයේ මාංශපේශී ආබාධයකට ලක්වීම හේතුවෙන් ශානකට ඉදිරි තරඟ සඳහා ක්‍රීඩා කිරීමට නොහැකි වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.

චාමික කරුණාරත්න මේ වන විට එක්දින තරග 23කට ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයෙක් වනවා.

මේ අතර දැනට ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායකයා වශයෙන් කටයුතු කරන කුසල් මෙන්ඩිස් ඉදිරි තරඟවලදී කණ්ඩායමේ නායකයා ලෙස නම් කරනු ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.