අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී කලාකරුවාණන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ රාගම ශුද්ධ වූ පේදුරු හා පාවුලු දේවස්ථානයේදී සිදු කරනු ලැබුවා.
එම අවස්ථාවට දහස් ගණන් රසික රසිකාවියන් මෙන්ම, කලාකරුවන් සහ දේශපාලඥයින් රැසක් ද එක්ව සිටියා.
මේ අවමංගල්‍ය සභාවේ අදහස් දැක්වූ ජැක්සන් ඇන්තනි මහතාගේ පුත් සජිත ඇන්තනී,
“දින 458ක් තිස්සේ මිනිස්සුන්ගේ ජීවත් වීමේ අයිතියක් උල්ලංඝණය කරමින් අපේ අප්පච්චි රෝහල් ගත වෙලා හිටියේ නෑ!
අපේ පවුලේ අය එකතු වෙලා ජාතික රෝහලට පරිත්‍යාග කරපු Ventilator යන්ත්‍රයක හුස්ම ගනිමින් තමයි හිටියේ, දැන් ඒ යන්ත්‍රයෙන් තව අවුරුදු 10,15ක් යනකල් හුස්ම හොයන මිනිස්සු ජීවත් වෙයි මේ දක්වා ඒ ගැන නොකියා හිටියේ පින් කරලා අඬබෙර ගහන්න අවශ්‍ය නැති නිසා සහ අප්පච්චි එහෙම වැඩ වලට අකමැති නිසා”



