ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් බෝතල් අත්අඩංගුවට ගැනීමට පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කාරක සභාව කළ නියෝගයකට අනුව කළ වැටලීම් හරහා සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් කෝටි 100 කින් ඉහළ ගොස් ඇතිබව වාර්තා වෙනවා.
එම වැටලීම් වලදී ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් බෝතල් ලක්ෂයකට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රාජ්‍ය ආදායම ඉහළ නැංවීම සඳහා ක්‍රම සහ විධි පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක සඳහන් කර සිටියේ ආරක්ෂිත ස්ටිකරය සම්බන්ධයෙන් නැවත ටෙන්ඩර් කැඳවා සියලු මත්පැන් නිෂ්පාදකයන්ට ගැලපෙන නව ආරක්ෂිත ස්ටිකර් ක්‍රමවේදයකට යා යුතු බවයි.
මෙම යෝජිත නව ස්ටිකරය හරහා පරිභෝගිකයන්ටම QR කේතයක් හරහා නිෂ්පාදනය ව්‍යාජ ද යන්න පරික්ෂා කළ හැකි බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

