ජපානය තුළ තවමත් නව කොරෝනා වෛරස වසංගතය හේතුවෙන් හදිසි අවස්ථාවක් ප්‍රකාශ කළ යුතු තරම් ප්‍රබල තත්ත්වයක් උද්ගත වී නොමැති බව ජපන් අගමැති ෂින්සෝ අබේ පවසයි.
එරට තුළ වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක් නොමැති බවට අදහස් පළකර ඇති විශේෂඥයින් උපුටා දක්වමින් අගමැතිවරයා මේ බව කියා සිටියේය.

