වගා හානි ගෙවීමට කැබිනට් අනුමැතිය

පසුගිය යල කන්නයේ දී පැවති අධික නියං කාළගුණය හේතුවෙන් සිදු වූ වගා හානි සඳහා වන්දි ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

නියඟය හේතුවෙන් ප්‍රමාණවත් පරිදි ජලය සම්පාදනය කර ගැනීමට නොහැකි වීම නිසා පසුගිය යල කන්නයේ අක්කර 58770ක පමණ වී සහ වෙනත් බෝග වගා හානි සිදුව ඇති අතර ඒ හේතුවෙන් ගොවීන් 53965ක් පමණ පීඩාවට ලක් වී ඇති බවයි රජයේ වාර්තා සඳහන් කරන්නේ.

මෙම බලපෑමට ලක් වූ ගොවීන්ට වන්දි ගෙවීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද යෝජනාවක් සැලකිල්ලට ගෙන ගොවීන්ට වන්දි ගෙවීම පිණිස අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.