විභාග නියමිත පරිදි පැවැත්වීම සඳහා නීතියක්

විභාග නිසි කලට පැවැත්වීම සඳහා පාර්ලිමේන්තු නීතියක් සම්පාදනය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන අමාත්‍යවරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

2025 වසරේ සිට අ.පො.ස උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග නියමිත කාලයේ දී පැවැත්විය යුතු බවට ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.

එසේම දැනට සැලසුම් කර ඇති ආකාරයට මේ වසරේ විභාග පවත්වන ලෙසත් 2024 වසරේ විභාග ද ඒ වසරේම පවත්වා අවසන් කිරීමට උත්සාහ කරන ලෙසත් ජනාධිපතිවරයා ලබා දුන් උපදෙස් වල සඳහන් බවයි වාර්තා වෙන්නේ.

විභාග පවත්වන නිශ්චිත දිනයක් ප්‍රකාශයට පත්කළ පසු එය දරුවන්ට විභාග වලට සූදානම් වීමට පහසුවක් වන බවයි ජනපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.