නිල්වලා ගඟ දෙපස ජනතාවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මේ වනවිටත් නිල්වලා ගංගාව ආශ්‍රිතව ඉහළ ගංවතුර තත්ත්වයක් ඇති බැවින් විශාල වැසි තත්ත්වයක් ඇති වුවහොත් නිල්වලා ගඟ විශාල ගංවතුර ආරක්ෂණ බැමි ඇතැම් ස්ථානවලින් උතුරා යාමේ දැඩි අවදානමක් පවතින බව යි ඔවුන් අවධාරණය කරන්නේ.
මේ හේතුවෙන් මාතර, මාලිම්බඩ, කඹුරුපිටිය, තිහගොඩ, අතුරළිය සහ අකුරැස්ස යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් නිල්වලා ගංගා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවල විශාල මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතිනවා.
යම් හෙයකින් එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් ජීවිත හා දේපළ ආරක්ෂා කරගැනීම සඳහා දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙසට ජනතාවට දැනුම් දීමක් සිදු කරනවා.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 24 තුළ නිල්වලා ගංගා ද්‍රෝණියට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවට මින් පෙර නිවේදනය කර තිබුණා.

