ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සියයට 10ක් දක්වා සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) සියයට 11ක් දක්වා පදනම් අංක 100කින් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.
2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත (CBA) යටතේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් පළමු මුදල් ප්‍රතිපත්ති සමාලෝචනයේදී මෙම තීරණය ගෙන ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කරන්නේ.

