2022/23 අධ්‍යයන වර්ෂ සඳහා විශ්වවිද්‍යාල සඳහා අයදුම්පත් භාරගැනීම අදින් අවසන් වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුම් දෙනවා.
පසුගිය සැප්තැම්බර් 14 දින සිට සති තුනක කාලයක් online ක්‍රමය ඔස්සේ අයදුම්පත් භාර ගැනීම සිදුකෙරුනු අතර අදින් පසු යළි අයදුම්පත් භාර ගැනීම දීර්ඝ නොකරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පෙන්වා දෙනවා.
2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විභාගය සඳහා පෙනී සිටි අයදුම්කරුවන් 263,933 දෙනෙකු අතරින් 166,938 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.

