ආසියානු ක්‍රීඩා උළලේ ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

2023 ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 800 ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ තරුෂි කරුණාරත්න සමත් වී තිබෙනවා.

ඒ මිනිත්තු 2:03.20 ක් වැනි කාලයක් ඇතුළත සිය තරඟය නිම කරමිනි.

2002 වසරෙන් පසුව ආසියානු ක්‍රීඩා උළෙලේ මළල ක්‍රීඩා ඉසව්වකින් ශ්‍රී ලංකාව රන් පදක්කමක් හිමිකරගත් පළමු අවස්ථාව මෙය වනවා.

මේ අතර අද කාන්තා මීටර් 4×400 සහය දිවීම සහ පිරිමි මීටර් 4×400 සහය දිවීම යන තරඟ දෙකෙන් ද ලෝකඩ පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම් සමත් වී තිබෙනවා.

ඒ අනුව අද දිනයේ ශ්‍රී ලංකාව විසින් ආසියානු ක්‍රීඩා උළෙලේ මුළු පදක්කම් 3 ක් ලබා ගනු ලැබුවා.