ස්පාඤ්ඤයේ ගිනිකොනදිග මුර්සියා නගරයේ රාත්රී සමාජ ශාලාවක එරට වේලාවෙන් උදෑසන 06:00 ට පමණ ගින්නක් ඇති වී තිබෙනවා.
ගින්න හේතුවෙන් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ස්පාඤ්ඤ බලධාරීන් ප්රකාශ කරන්නේ.
ගින්න හටගත් අවස්ථාවේ එහි විශාල පිරිසක් සිට තිබෙන අතර තවමත් අතුරුදහන් වූවන් සොයා මෙහෙයුම් සිදු කරමින් පවතින බවයි ස්පාඤ්ඤ හදිසි සේවා අංශ සඳහන් කරන්නේ.
එසේම ගින්නෙන් නිකුත් වූ දුම් ආඝ්රාණය වීම නිසා ඇති වූ තත්ත්ව හේතුවෙන් පුද්ගයන් හතර දෙනෙක් රෝහලේ ප්රතිකාර ගනිමින් සිටින බවයි වාර්තා වෙන්නේ.
සිද්ධිය හේතුවෙන් මුර්සියා නගරයට දින 3 ක ශෝක කාලයක් නිවේදනය කිරීමට ද නගරාධිපති ජෝස් බැලෙස්ටා තීරණය කර තිබෙනවා.
ගින්නට හේතුව කුමක් ද යන්න තවමත් අනාවරණය වී නැහැ.

