ශ්‍රී ලංකා යුධ හමුදා සාමාජිකයන් සංඛ්‍යාව ලබන 2030 වන විට ලක්ෂයක් පමණ දක්වා අඩු කිරිමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බව වාර්තා වෙනවා.
ඒ අනුව දැනට යුධ හමුදාවේ අනුමත කාර්යය මණ්ඩලය දෙලක්ෂයක් වන අතර එම ප්‍රමාණය හරි අඩකින් පමණක් අඩු කිරීමක් ඉදිරියේ දී සිදු වනු ඇත.
මේ සම්බන්ධයෙන් සමාලෝචනයක් කිරීම සඳහා විශ්‍රාමික මේජර් ජෙනරල්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් ද ජනාධිපතිවරයා විසින් පත් කර තිබෙන බවයි සඳහන් වෙන්නේ.
මීට සමගාමිව නාවික හා ගුවන් හමුදා සාමාජිකයන් සංඛ්‍යාව ද, සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයන් සංඛ්‍යාවද අඩු කිරීම ඉලක්කය වී ඇති බවයි වැඩබලන ආරක්ෂක ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කර ඇත්තේ.

