නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය අවධාරණය කරනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ පසුගිය 22 වැනි දිනෙන් පසු ඉන්දියාවෙන් කිසිදු නව ආසාදිතයෙක් හදුනාගෙන නොමැති බවයි.
පසුගිය අගෝස්තු මාසය අවසානයේ සිට ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් ආසාදිතයන් හමුවීම ආරම්භ වී ඇති අතර එලෙස හමු වී ඇත්තේ ද ආසාදිතයන් 06 දෙනෙක් පමණක් වනවා.
ඔවුන්ගෙන් දෙදෙනෙක් මිය ගොස් ඇති අතර එම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් 700 කට අධික පිරිසක් මේ වන විට නිරෝධනයන කර තිබෙන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
නිපා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඉන්දියාව තුළ ක්‍රියාත්මක කර ඇති පූර්ව ආරක්ෂක ක්‍රියාමාර්ග හේතුවෙන් රෝගය පැතිරයාම අවම වී ඇති අතර, එමනිසා ශ්‍රී ලංකාවට ඇති අවදානම ඉතා අඩු මට්ටමක පවතින බවයි වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙන්නේ.
මේ හේතුවෙන් මහජනතාව අනවශ්‍ය ලෙස කලබල නොවිය යුතු බවත්, පවතින තත්ත්වය සමීප ව නිරීක්ෂණය කරමින් සිටින බැවින් අවශ්‍යතාව මත ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව මහජනතාවට උපදෙස් ලබාදීමට කටයුතු කරන බවත්, එම නිවේදනයේ දැක්වෙනවා.

