හෙට සිට දිවයිනේ සියලු පාසල් වසා දැමේ

හෙට සිට ලබන 26 වනදා දක්වා දිවයිනේ සියලු පාසල් වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇතැයි වාර්තා වනවා.
ඒ කොරෝනා වෛරසයේ අවධානම හේතුවෙන්. මේ සම්බන්ධයෙන් වන නිල නිවේදනය අද පස්වරු 2ට පමණ නිකුත් කරනු ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග ප්‍රකාශ කළා.