අපේ හමුදාව කවදාවත් බෝතල් කපලා කෝපි දෙන්නේ නෑ-අපේ ඇඳ දීලා ඔවුන්ව රැක ගන්නේ

හමුදාව විසින් අද දවසේ ද සිදුකරනු ලබන්නේ මානුෂීය මෙහෙයුමක් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඊයේ අද දෙරණ ඔස්සේ විකාශ වු “අලුත් පාර්ලිමේන්තුව“ සජිවි වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

ශ්‍රි ලංකා ත්‍රිවිධ හමුදාව මීට පෙරත් මානුෂීය මෙහෙයුමක් සිදු කර රටේ ජනතාව ආරක්ෂා කර ගත් බවත්, අද දවසේ කොරෝනා වෛරසය සමඟ සිදු කරනු ලබන නිරෝධායන කටයුතු සඳහා දායකත්වය ලබා දී සිදු කරන්නේ ද එවැනිම කාර්යක් බවත් යුදහමුදාපතිවරයා වැඩි දුරටත් පැවසීය.

මීට පෙර චීනයේ වුහාන්වල සිට පැමිණි සිසුන් මේ දිනවල ලංකාවට පැමිණෙන ශ්‍රමිකයින්ට වඩා වෙනස් ආකාරයෙන් හැසිරුණ බවත් පැවසු ශවේන්‍ද්‍ර සිල්වා මහතා චීනයේ සිට එම සිසුන් ලංකාවට ගෙන්වා ගැනීමට සිදුකල මහා දැවැන්ත කර්තවය පිළිබඳ එම පිරිසට යම් අවබෝධයක් පැවති බවත් කියා සිටියේය.

පිටරට සිට එම රටවල සිටිය නොහැකි තත්ත්වයක් මත ඉතා දීර්ඝ ගමනාත්තයකින් අනතුරුව ලංකාවට පැමිණෙන පිරිසට මුහුණ දීමට සිදුවන අපහසුතාවය මත ඔවුන්ට යම් ආකාරයක වෙනස් හැඟීමක් ඇති වෙන්නට ඇතැයි ද පැවසු හමුදාපතිවරයා, ඔවුන් කෙසේ හැසිරුණත් යුද හමුදාව ඔවුන් රැක බලා ගැනීමට නොමඳව කටයුතු කරන බවත් පැවසීය.

අද දෙරණ