මවුපියන්ගේ ආශීර්වාද මැද සිදු වූ ඉන්දියානු සමලිංගික විවාහය

සමලිංගික විවාහ නීතිගත කිරීම සම්බන්ධයෙන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ලබා දීමට ඇති පසුබිමක ඉන්දියාවේ සිදු වී ඇති සමලිංගික විවාහයක් රට තුළ ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වී තිබෙනවා.

ඉන්දියාව වැනි සංස්කෘතියට සහ පරම්පාරික චාරිත්‍ර වාරිත්‍ර වලට මුල් තැනක් දෙන රටක මවුපියන්ගේ ආශිර්වාදය ද ලබමින් මෙම විවාහය සිදු වී තිබීම කාගේත් පුදුමයට කරුණක්.

මෙලෙස විවාහ වී ඇත්තේ ගැහැණු ළමයින් දෙදෙනෙක් වන අතර පිරිමි ළමයා ලෙස පෙනී සිටින Dimple නම් 27 හැවිරිදි තරුණිය සහ 21 හැවිරිදි Manisha සමඟ පසුගිය සැප්තැම්බර් 18 වන දා විවාහ වී තිබෙනවා.

විවාහය සියලු චාරිත්‍ර ඉටු කරමින් ගුරුද්වාර ග්‍රාමයේ සික් කෝවිලක මෙම විවාහය උත්සවාකාරයෙන් පවත්වා තිබෙන බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේවෙතත් මෙය සික් ආගමික නායකයන්ගේ දැඩි විවේචනයට පාත්‍ර වී ඇති අතර විවාහය සිදු කළ පූජකවරයා සහ එයට සම්බන්ධ තවත් කිහිපදෙනෙක් නැවත දැනුම් දෙන තුරු සිය රාජකාරි වලින් ඉවත් කර තිබෙනවා.