ගෙන්වූ ෆයිසර් එන්නත් වලින් විශාල ප්‍රමාණයක් කල් ඉකුත් වෙයි

2022 වසරේ දී කොවිඩ් වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මිල දී ගත් ෆයිසර් එන්නත් තොගයෙන් විශාල සංඛ්‍යාවක් කල් ඉකුත් වී තිබෙන බවට වාර්තා වෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළේ මිලියන 14.5 ක් පමණක් වූ එන්නත් තොගයෙන් භාවිතා කර තිබෙන්නේ 13% ක් වැනි ප්‍රමාණයක් පමණක් බවත්, ඉතිරිය කල් ඉකුත් වී ඇති බවත් ය.

එසේම කොවිඩ් කාලයේ දී මුහුණු ආවරණ පැළඳීම සහ අත් සේදීම වැනි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම හේතුවෙන් සෙම්ප්‍රතිශ්‍යාව ඇතුළු ශ්වසන රෝග වල ව්‍යාප්තියේ ද අඩු වීමක් සිදු වූ බැවින් එම රෝගවලට ලබා දීම සඳහා ආනයනය කරන ලද ඖෂධ වලින් 80% ක් පමණක් ද කල් ඉකුත් වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

සෑම වසරකම මෙලෙස මිල දී ගන්නා ඖෂධ වලින් කොටසක් කල් ඉකුත් වීම නිසා භාවිතයෙන් ඉවත් කිරීමට සිදු වන අතර එම තත්ත්වය අවම කිරීමට ක්‍රියාමාර්ග ගැනීමට වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.