රග්බි ස්ථාවර කමිටුව අවලංගු කරමින් ගැසට් නිවේදනයක්

ශ්‍රී ලංකා රග්බි ස්ථාවර කමිටුව අවලංගු කරමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම නව නිවේදනය නිකුත් කර ඇත්තේ පසුගිය අප්‍රේල් 11 නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරමිනුයි.

මේ අතර ක්‍රීඩා පනත යටතේ ලියාපදිංචි වී ඇති හා ලියාපදිංචි කිරීමට ඇති ක්‍රීඩාවන්ට අදාළව ජාත්‍යන්තර සහ දේශීය ක්‍රීඩා සංගම් හෝ සම්මේලන සහ ක්‍රීඩා අමාත්‍යාංශය සම්බන්ධීකරණය සඳහා ‘ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ක්‍රීඩා සම්බන්ධීකරණ කමිටුව’ නමින් කමිටුවක් ද පත් කිරීමට නියමිත ය.