තමන් චීනයට හෝ ඉන්දියාවට පක්ෂග්රාහී නොවන බවත් ශ්‍රී ලංකාවට පමණක් පක්ෂග්රාහී බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා.
ඒ එක්සත් ජාතින්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරයට සමගාමීව නිව්යෝර්ක් නුවර පැවති සමුද්‍රීය ජාතීන් සඳහා වන 3 වන ඉන්දු – පැසිෆික් දූපත් රාජ්‍යයන් අතර සංවාදයට එක්වෙමිනි.
එහි දී ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ ලෝක දේශපාලන සහ භූ දේශපාලන බල අරගලයට ශ්‍රී ලංකාව වැනි රටවල් ඈඳා ගන්නේ ඇයිද යන්න ප්‍රශ්නයක් බව යි.

