අරගල සමයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ දේපළ විනාශයන් වෙනුවෙන් රජය විසින් ලබා දුන් වන්දි මුදල රුපියල් මිලියන 1414 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව වාර්තා වෙනවා.
මේ වනවිටත් රුපියල් මිලියන 714 ක් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 31 දෙනෙකු සඳහා හානි පූර්ණ වන්දි ලෙස ලබා දී අවසන් කර ඇති අතර තවත් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 13 දෙනෙක් සඳහා වන්දි මුදල් ලබා දීමට තීරණය කර තිබෙනවා.
අරගලය ක්රියාත්මක වූ කාලසීමාවේ දී එනම් 2022 මාර්තු 31 දින සිට ජුලි 22 දක්වා සිදු වූ ප්රචණ්ඩ ක්රියා හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් රැසකගේ නිවාස ඇතුළු දේපළ ගිනි තබා විනාශ කෙරුනා.
මේ අතර අරගලය හේතුවෙන් දේපළ විනාශ වූ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් නොවන ප්රාදේශීය දේශපාලනඥයින් සහ සිවිල් පුරවැසියන් 73 දෙනකු සඳහා ද හානිපූර්ණ වන්දි ලෙස රජය රුපියල් මිලියන 519ක් ලබා දී ඇති බව සඳහන්.

