මහා බැංකුවේ දස වැදෑරුම් වැඩපිළිවෙළ

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දස වැදෑරුම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙන බව වාර්තා වෙනවා.

ත්‍රස්තවාදය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම, මත්ද්‍රව්‍ය ජාවාරම, දූෂණය, වෙළෙඳාම් ආශ්‍රිත අපරාධ සහ මුදල් විශුද්ධිකරණය ඇතුළු ලාභය මත පදනම් වූ අපරාධමය ක්‍රියාකාරකම් වළක්වා ගැනීම ආදිය එහි අඩංගු වීමට නියමිතව තිබෙනවා.

පසුගිය දා කොළඹදී පැවැති මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන අවස්ථාවේදී මහ බැංකුව මේ බව අනාවරණය කර ඇත.