2023 ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ අවසන් තරගය ලකුණු 6කින් ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ සමත් වුණා.
පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 265ක් රැස් කර ගත්තා.
එහි දී බංගලාදේශ කණ්ඩායමේ ශකිබ් අල් හසන් පන්දු 85කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 6ක් සමග ලකුණු 80ක් රැස් කර ගනිමින් කණ්ඩායමට අගනා සහයක් දැක්වුවා.
අනතුරුව ලකුණු 266ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 49 යි පන්දු 5කදී සියලුදෙනා දැවී රැස්කරගගත හැකිවූයේ ලකුණු 259ක් පමණි.
ඒ අනුව අවසන් තරඟය ජයග්රහණය කිරීමට බංගලාදේශයට හැකි වූ නමුත් අවසන් තරඟය සඳහා ඉන්දියාව සුදුසුකම් ලබා අවසන් වනවා.

