2023 උසස් පෙළ කාල සටහන නිකුත් වෙයි

2023 අ.පො.ස. උසස් පෙළ විභාගයේ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කොට තිබෙනවා.

ඒ අනුව මෙවර විභාගය 2023 නොවැම්බර් 27 වැනි දා යින් ආරම්භ වී දෙසැම්බර් 21 අවසන් වනු ඇත.

සාමාන්‍යයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් සඳහා පාසල් වාර 06ක් හිමිවන නමුත් 2023 වසරේ සිසුන් සඳහා නොවැම්බර් 24 දක්වා දින 343 ක කාලයක් තුළ පාසල් වාර 07ක් ඉගෙනුම් කටයුතු සඳහා හිමි වී තිබෙනවා.

එමෙන්ම මෙවර විභාගය සඳහා අයදුම් කිරීමේ දී උසස් පෙළ පාසල් ශිෂ්‍යයන්ගේ පැමිණීම 80% සිට 40% දක්වා අඩු කර ඇති අතර පාසල්වලින් ලබා ගත් තොරතුරු අනුව විෂය නිර්දේශය ආවරණය වී ඇති බැවින් උසස් පෙළ පන්තිවලට සිසුන්ගේ පැමිණීම දැනට අවම මට්ටමක පවතින බව ද මීට පෙර විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා.