2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තරගය අද කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබේ.
තරගය පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිත අතර කණ්ඩායම් දෙකටම අද තරගය තීරණාත්මක තරඟයක් වනවා.
අද තරඟයෙන් ජය ගන්නා කණ්ඩායම ඉන්දීය කණ්ඩායම සමග ලබන 17 වන දා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබනු ඇත.
යම් හෙයකින් අද තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුවහොත් අවසන් මහ තරගය සඳහා සහභාගී වීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වේ.

