ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් අද යළි දිවයිනට පැමිණීමට නියමිත අතර, ඔවුන් ලබන සැප්තැම්බර් 24 වැනිදා දක්වා පාර්ශ්ව රැසක් සමඟ සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
ඉ හරහා ඔවුන් ලබා දුන් ණය මුදලට අදාළව ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත ය.
මූල්‍ය අරමුදලේ වැඩසටහනට ශ්‍රී ලංකාව ඇතුළත් වීමෙන් පසු දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළට ශ්‍රී ලංකා රජය මේ වසර ආරම්භයේ දී යොමු වූ අතර, ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවලට අදාළ දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය අවසන් වී ඇතැයි රජය විසින් නිවේදනය කර තිබෙනවා.
එමෙන්ම භාණ්ඩාගාර බැඳුම්කර නව බැඳුම්කරවලට හුවමාරු කිරීමේ ආරාධනය ද බැඳුම්කර හිමියන් පිළිගෙන ඇති බව යි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසන්නේ.
දැනට නිකුත් කර ඇති භාණ්ඩාගාර බැඳුම්කරවලින් 37% හෙවත් රුපියල් ට්‍රිලියන 3.2ක් වටිනා බැඳුම්කර හුවමාරු කිරීම මෙලෙස පිළිගෙන ඇති අතර, එය විශ්‍රාමික අරමුදල් සතු ව පවතින, හුවමාරුව සඳහා සුදුසුකම් ලත් බැඳුම්කරවලින් 84%ක් නියෝජනය කරයි.

