වර්ජනයේ නිරත දුම්රිය ලොකෝමෝටිව් ඉන්ජිනේරුවන් සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ඔවුන්ට වහාම සේවයට වාර්තා කරන ලෙසත් එසේ නොකරන්නේ නම්, ඔවුන් සේවය හැර ගියා සේ සලකන බවත් අදාළ නිවේදනයේ සඳහන් කර තිබෙනවා.
මේ වන විටත් ලොකෝමෝටිව් ඉන්ජිනේරුවෝ 84 දෙනෙක් වර්ජනයේ නිරත වී සිටින බවයි වාර්තා වෙන්නේ.

