මොරොක්කෝවේ මධ්‍යම ප්‍රදේශයට බලපෑ ප්‍රබල භූ කම්පනය හේතුවෙන් මිය ගොස් ඇති පුද්ගලයන් ගණන 820 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා.
එමෙන්ම තුවාල ලැබූවන් සංඛ්‍යාව ද 600 ඉක්මවා ඇති අතර තවත් පිරිසක් සුන්බුන් අතර සිරවී සිටින බවයි එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණයට අනුව භූ කම්පනය එරට වේලාවෙන් 23:00 ට රිච්ටර් මාපකයේ 6.8 ක ප්‍රබලත්වයෙන් යුතුව හට ගෙන තිබෙනවා.
කම්පනය හේතුවෙන් යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස ද නම් කර ඇති මොරොක්කෝ රාජ්‍යයේ මරකේෂ් පැරණි නගරයටද භූ කම්පනයෙන් හානි සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

