2019 පාස්කු ඉරි දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාව විසින් එල්ල කරන ලද චෝදනා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් තරයේ ප්‍රතික්ෂේප කරන බවයි ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙන්නේ.
එමෙන්ම එම ප්‍රහාරයේ වගකීම හමුදා බුද්ධි අංශයට සහ ශ්‍රී ලංකා රාජ්‍ය බුද්ධි සේවයේ වත්මන් අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරල් සුරේෂ් සලේ වෙත පැවරීම ද ප්‍රතික්ෂේප කරන බවයි අමාත්‍යංශය දැනුම් දෙන්නේ.
වසර 36ක් පුරා රට වෙනුවෙන් සේවයට කැපවූ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකුට එරෙහිව මෙම ප්‍රහාරය මෙහෙයවීම සහ බෝම්බකරුවන්ට සහය වීම යන චෝදනා එල්ල කිරීම තරයේ හෙළා දකින බව යි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
මෙලෙස ද්වේෂසහගත සහ තහවුරු නොකළ ආඛ්‍යානයක් ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් Channel 4 නාලිකාව වෙත සිය අප්‍රසාදය ප්‍රකාශ කරන අතර මෙම ප්‍රකාශයන් හේතුවෙන් ඇති වන ඕනෑම අනපේක්ෂිත ක්‍රියාවක් හෝ ප්‍රතිවිපාක සඳහා Channel 4 නාලිකාව වගකිව යුතු බවයි ආරක්ෂක අමාත්‍යංශය තරයේ ප්‍රකාශ කර සිටින්නේ.

