IMF කොන්දේසි යටතේ යළි විදුලි බිල වැඩි කිරීමේ සූදානමක්

මේ වසරේ සිව්වන වරටත් විදුල බිල වැඩි කිරීමට ඊයේ යෝජනා වී ඇති බව විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය ප්‍රකාශ කරනවා.

ඔවුන් සඳහන් කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි සැපිරීම සඳහා විදුලි ගාස්තුව 56%කින් ඉහළ දැමීමට සූදානම් වන බවයි.

මෙම යෝජනාව සම්මත වුවහොත් මේ වසරේ 200% කින් විදුලි බිල ඉහළ යාමක් සිදු වන බැවින් ඒ සඳහා අවසර ලබා නොදෙන ලෙසයි එම සංගමය මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා සිටින්නේ.