ශ්‍රී ලංකාව ආසියානු කුසලාන සුපිරි සිව් දෙනාගේ වටයට සුදුසුකම් ලබයි

අඛණ්ඩව 12 වන වතාවටත් ජයග්‍රහණයක් වාර්තා කරමින් අද ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවති තරගය ලකුණු 2කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

ලාහෝර්හි පිහිටි ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවැත්වූ තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

ඒ අනුව ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 8ක් දැවි රැස්කළ ලකුණු සංඛ්‍යාව 291කි.

ලකුණු 292ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ පළමු කඩුලු තුන ලකුණු 50ක් තුළදී දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වුණේ තරගයේ ජය දෙපිලටම විවෘත කරමිනි.

තීරණාත්මක 38 වන පන්දුවාරයේ දී පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක ධනංජය ද සිල්වා සමත් වුණා.

දළ ලකුණු ලබාගැනීමේ වේගය අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානයේ සුපිරි සිව්දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගනු ලැබුවා.