පාසල් වෑන් ගාස්තු ඉහළ දැමීමක් නැහැ

ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට සාපේක්ෂව පාසල් ළමුන්ගේ ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමක් සිදු නොකරන බව පාසල් ළමයි ප්‍රවාහන සංගමය ප්‍රකාශ කරනවා.

මෑතක දී ඩීසල් මිල පහළ දැමු විට ගාස්තුවේ අඩු කිරීමක් සිදු නොකිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි එහි ලෙක්ම ලලිත් චන්ද්‍රසිරි මහතා පැවසුවේ.

එසේම එම අවස්ථාවේ දී වෑන් ගාස්තු අඩු කළ පාසල් වෑන් රථ හිමියන්ට දැන් මවුපියන් සමඟ කතා කර ගාස්තු ඉහළ දැමීමක් කළ හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.