නන්දලාල් වීරසිංහ ලොව A ශ්‍රේණියේ මහ බැංකු අධිපතිවරුන් අතරට

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා 2023 ලොව ‘A’ ශ්‍රේණියේ මහ බැංකු අධිපතිවරුන් 21දෙනා අතරට ඇතුළත් වී තිබෙන බව වාර්තා වෙනවා.

නිව්යෝර්ක් මූලික කරගත් “ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාව” විසින් සිදුකරන ලද වාර්ෂික සමීක්ෂණයට අනුව A+, A, A- යන කාණ්ඩ යටතේ මෙම වර්ගීකරණය සිදු කර තිබෙනවා.

උද්ධමනය පාලනය, ආර්ථික වර්ධනය, මූල්‍ය ස්ථාවරත්වය හා පොලී අනුපාත කළමනාකරණය යනාදියේ කාර්යය සාධනය සැලකිල්ලට ගනිමින් මහ බැංකු අධිපතිවරුන් සම්බන්ධයෙන් Global Finance සඟරාව 1994 වසරේ සිට වාර්ෂිකව මෙම ශ්‍රේණිගත කිරීම සිදුකරන බවයි වාර්තා වෙන්නේ.

මෙවර ශ්‍රේණිගත කිරීම්වලට අනුව ‘A’ ශ්‍රේණියේ පළමු ස්ථානය හිමිවී ඇත්තේ ඉන්දීය මහ බැංකු අධිපති ශ්‍රීකාන්ත දාස් මහතාටය.