දිස්ත්‍රික්ක 03 කට නායයෑමේ අවදානමක්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය එහ්තුවෙන් කළුතර, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක වලට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, බුලත්සිංහල සහ ඉංගිරිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට, කෑගල්ල් දිස්ත්‍රික්කයේ දැරණියගල, බුලත්කොහුපිටිය, යටියන්තොට, දෙහිඕවිට සහ රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අද රාත්‍රී 08 දක්වා මෙම අනතරු ඇඟවීම බලපැවැත් වෙනවා.

එසේම රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ සහ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජිවත් වෙන ජනතවට ද නායයෑම්, ගල් පෙරලීම් සහ පස්කණ්ඩි කඩා වැටීම් සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙනවා.