ඊයේ දිනයේ කොළඹ ජාතික රෝහලේ තිබූ තවත් CT scan යන්ත්‍රයක් අක්‍රිය වීමත් සමඟ මේ වන විට යන්ත්‍ර 4 න් 2 ක් ම අක්‍රිය වී ඇති බව රජයේ විකිරණ විද්‍යාව තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා .පවසනවා.
ඔහු සඳහන් කරන්නේ ඊයේ දිනයේ බිඳ වැටුණු යන්ත්‍රයෙන් දිනකට රෝගීන් 250කට වැඩි පිරිසකගේ CT ස්කෑන් පරික්ෂණ සිදු කරන බවයි.
මේ වන විට ලංකාවේ රජයේ රෝහල් වල ඇති CT scan යන්ත්‍ර 7 කට වැඩි ප්‍රමාණයක් බිඳ වැටි ඇති අතර ඒවා හැකි ඉක්මනින් ප්‍රතිස්ථාපනය කිරීමට කටයුතු කළ යුතු බවයි ඔහු අවධාරණය කරන්නේ.

