පත්වීම් ලබන උපාධිධාරීන් වසරක පුහුණු කාලයකට ලක්කරනු අතර දුන් පළමු කණ්ඩායම සඳහා තෝරාගත් ප්රදේශවල මාස දෙකක නායකත්ව පුහුණු කටයුතු ආරම්භ කිරීමට රජය කටයුතු කර තිබෙනවා. රැකියාලත් උපාධිධාරීන් 45,585ක් සඳහා පත්වීම් ලිපි ලේකම්/ රාජ්ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්යංශය විසින් නිකුත් කර තිබෙන බව වාර්තා වෙනවා.
පත්වීම් ලබන උපාධිධාරීන් තමන් අදාළ ප්රාදේශීය ලේකම්වරුන් වෙත පත්වීම් ලිපි භාරගත් බවට වාර්තා කළ යුතු අතර ප්රාදේශීය ලේකම්වරයා විසින් සිය ප්රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ ඇති ග්රාමීය සේවා ස්ථානය හෝ නාගරික දුෂ්කර සේවා ස්ථාන වෙත යොමු කරන බවත් වැඩි දුරට සදහන් වෙනවා.

